OMEX BLU-30 BULK LIBRARIAN

විශේෂාංග

ඕනෑම සංගීත උපකරණයකින් bulk load කිරීමේ හැකියාව.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බොහෝ සංගීත උපකරණ ස්වයංක්‍රියව හඳුනා ගැනීමේ හැකියාව.

bulk පරීක්ෂා කිරීමේ හැකියාව.

bulk නම් කිරීමේ හැකියාව.

bulk 100ක් දක්වා ගබඩා කරතැබීමට හැකිය.

bulk එකට අදාළ ID හෝ Channel පෙන්නුම් කිරීම.

කුඩා හුරුබුහුටි නිමාව.

වසර දෙකක වගකීම.

 

what is bulk dump and bulk load?

midi තාක්ෂණය සහිත professional keyboards, percussion pads, drum module ආදී සංගීත උපකරණ, effect machines ආදියේ භාවිතා කරන්නා විසින් වෙනස් කරන ලද දත්ත වෙනත් උපකරණයක් වෙත midi හරහා යැවීම සඳහා සකස් කර ඇති උපක්‍රමය midi bulk නම්වේ. එසේ වෙනත් උපකරණයක් වෙත යැවීම midi bulk dump ලෙස හැදින්වේ. එය උපකරණයක් වෙත ලබා ගැනීම bulk load වේ.

bulk dump කිරීම සිදුකරන්නේ කුමන අවස්ථාවලද?

1. එක් උපකරණයක දත්ත (Ex: tones ) වෙනත් උපකරණයකට පහසුවෙන් ඇතුලත් කිරීමට.

ලංකාවේ වැඩිපුරම bulk dump කිරීම යොදාගන්නේ මෙම කාර්යය සදහා ය. එක සමාන උපකරණ දෙකක් අතර මෙම bulk dump කිරීම සිදුවේ. මේ සදහා අමතරව අවශ්‍ය වන්නේ midi කේබලයක් පමණි.

2. දත්ත backup කර තබාගැනීමට.

අප භාවිතා කරන බොහෝ ඉලෙක්ට්‍රෝනික සංගීත හාණ්ඩ ඉතා විශ්වාසදායී උපකරණ වුවද කිනම් හෝ අවස්ථාවක ඒවායේ දෝෂ හටගැනීමට හැකිය. මෙවිට උපකරණය අළුත් වැඩියා කර ගන්නා තෙක් හෝ අළුත්වැඩියා කිරීමට නොහැකි නම් හෝ වෙනත් උපකරණයක් භාවිතා කිරීමට සිදුවේ. එවිට එම උපකරණයේ user tones නැවත එකින් එක සකස් කළ යුතුවේ. මෙය පහසු ඉක්මන් කටයුත්තක් නොවේ. එසේම අළුත්වැඩියාවකින් පසු/ අත්වැරදීමකින්/ නොදන්නා අයෙකු භාවිතයෙන් ද user tones මැකෙන්නට හැකිය.
එනිසා සෑම විටෙකම තමන්ගේ සංගීත භාණ්ඩයේ tones වල backup එකක් තබා ගැනීම බුද්ධිමත් තීරණයක් වේ. මෙසේ backup කරගැනීම midi bulk හරහා පහසුවෙන් කළ හැකිය. මෙලෙස..

bulk dump කිරීමට අවශ්‍ය වන්නේ..

මේ සඳහා සාමාන්‍යයෙන් sequencer හෝ computer software යොදා ගනී. අප රටේ සොයුරන් අතර sequencer හරහා කිරීමට Roland xp-60/80 ද software ඔස්සේ bulk කිරීමට midi-ox ද ඉතා ජනප්‍රිය ය.

OMEX MBL-30U bulk librarian

නමුත් මේ ක්‍රම දෙකටම වඩා පහසුවෙන් Omex MBL-30 හරහා bulk කිරීමට ඔබට හැකිය. මෙම උපකරණය මා විසින් මෙයට පෙර නිපදවන ලද bulk උපකරණ වලට වඩා බොහෝ සේ ඉදිරියට ගිය නිර්මාණයක් වේ. කලින් උපකරණ විශේෂිත එක් සංගීත භාණ්ඩ කාණ්ඩයක් ඉලක්ක කොට සකස් කර තිබූ අතර මෙහි එම සියල්ල එකට එක් කොට එයට අමතරව සෑම උපකරණයකටම සහාය දක්වන සේද නිර්මාණය කර ඇත. එමනිසා ඔබේ සංගීත කණ්ඩායමේ (නැත්නම් sound setup හි) pad , drum module, keyboard, keyboard module, guitar pedals, effect machine ආදී සියල්ලේම midi bulk මෙහි save කර තබා, අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගන්නට හැකිය.

මෙම උපකරණයට bulk 100ක් දක්වා loadකර ගැනීමට හැකි අතර, ඒවා delete කිරීම, වෙනත් ස්ථානයකට copy කිරීම ආදිය ද පහසුවෙන් කල හැකිවේ.

 

Omex MBL-30U භාවිතයෙහි විශේෂ වාසි

මෙය ක්‍රියාකරවීම සඳහා අමතරව අවශ්‍ය වන්නේ බල සැපයුමක් සහ සාමාන්‍ය midi cable එකක් පමණක් නිසා පරිගණකය හරහා bulk කිර්මට වඩා ඉක්මන්/පහසු/සරල වීම.

floppy drive ක්‍රියා නොකරන හෝ නොමැති keyboard වල tone save/load කර ගැනීමට හැකිවීම.

 

ROLAND SPD-20 bulk dump and bulk load

 

ROLAND XP-60 bulk dump and bulk load

 

Price : 12000/=*