OMEX PC-100 PATCH CHANGER - PROGRMMABLE FOOT SWITCH

omex pc-100

විශේෂාංග

රළු භාවිතයට ඔරොත්තු දෙන සවිමත් සුචිච හා නිමාව.

pad 2ක් සඳහා සම්බන්ධ කළ හැකිය.

Midi IN සහිත වන අතර Midi In හා Pad A අතර soft thru ඇත. [New version 2017 04]

Programme numbers 128 දක්වාම ඇත. [New version 2017 04]

අදුරු ආලෝකයන්හිදී සුවිච පහසුවෙන් හඳුනා ගැනීම සඳහා LED.

ඕනෑම AC/DC power pack යොදා ගැනීමට හැකිය.

සුවිච සඳහා වෙන වෙනම midi channels යොදා ගත හැකිය.

වසර 4ක වගකීම.

 

ක්‍රියාකාරීත්වය

percussion pad වාදනය කරන සොහොයුරන් හට patch මාරු කර ගැනීම සඳහා foot switch මෙම සාදා ඇත. සාමාන්‍ය foot switch හා omex PC-100 අතර ප්‍රධාන වෙනස නම් කලින් සකස් කළ patch 4කින් ඕනෑම එකක් එක් ක්ෂණයකින් මාරු කල හැකි වීමයි. උදාහරණයක් ලෙස රූපයේ පෙනෙන 1 සුවිචය සඳහා පැච් අංක 10ද, 2 සුවිචය සඳහා පැච් අංක 20ද, 3 සුවිචය සඳහා පැච් අංක 30ද, 4 සුවිචය සඳහා පැච් අංක 40ද ලෙස යොදා ඇතැයි සිතමු. දැන් ඔබට පැච් 10 වාදනය කරමින් සිටින විට පැච් 40 වෙත යාමට අවශ්‍ය නම් 4වෙනි සුවිචය එබූ සැනින් පැච් 40ට මාරුවිය හැක. එලෙස මෙම සුවිච 4 මගින් 10,20,30,40 පැච් 4 පිළිවෙළක් නොමැතිව ඕනෑම අයුරකින් එක් සැණෙකින් මාරු කරගත හැකිය. සාමාන්‍ය foot switch මගින් මෙය කල නොහැකිය.

ඉහත රූපයේ b35 ලෙස දැක්වෙන්නේ bank එක වේ. 1 2 3 4 සුවිච සඳහා යොදා ඇති patch තීරණය වන්නේ අදාළ bank එක මතය. එනම් වෙනත් bank එකක් තේරූවිට වෙනත් patch 4ක් මාරු කර ගැනීමට හැකිය. omex PC-100හි මෙසේ programme කරගත හැකි banks 40ක් පවතී. up down සුවිච මගින් bank එක තෝරා ගැනීම සිදු කරයි.

 

Price : 12000/=